General10 June 2026

උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාලව ඊයේ (09) වැනිදා සිට අයැදුම්පත්‍ර කැඳවීම විවෘත කර තිබෙන අතර ජුනි 22 එහි අවසන් දිනය බව සඳහන්.

මේ අනුව එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව අයැදුම්පත්‍ර කැඳවීම සිදුකෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes