General11 June 2026

තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ කුවේට් රාජ්‍යයේ ගුවන් කලාපය සහ ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පුර්ව ආරක්ෂක පියවරක් ලෙස කුවේට් බලධාරින් මෙම පියවරට එළඹුණු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes