ඉන්දීය දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් අඛණ්ඩව සේවය කළ, ජනතාව විසින් තේරී පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව, දින 4,399ක් අඛණ්ඩව අගමැති ධුරය හෙබවීමත් සමඟ ඔහු විසින් මෙතෙක් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු (1952 මහ මැතිවරණයෙන් පසු දින 4,398ක් නිල වශයෙන් සේවය කරමින්) තබා තිබූ වාර්තාව ජූනි 10 වැනිදා වන විට බිඳ හෙළා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්න්නේ.
මෙම සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබුණා.
ජනාධිපතිවරයා සිය පණිවිඩය මඟින් පෙන්වා දුන්නේ මෙම වාර්තාව මඟින් ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රටේ ජනතාව නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තබා ඇති අසීමිත විශ්වාසය හා ගෞරවය මනාව පැහැදිලි වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එම සුබපැතුම් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පිරිනැමූ සුබපැතුම තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සඳහන් කර තිබෙනවා.
තවද ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කරන බවත්, දෙරට අතර පවතින සුවිශේෂී වූත්, බහුවිධ වූත් හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉන්දියාව සැමවිටම කැපවී සිටින බවත් ඔහු අවධාරණය කරනවා.
2014 වසරේ මැයි 26 වැනිදා ප්‍රථම වරට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි, ඉන් අනතුරුව 2019 සහ 2024 වසරවල පැවති මහ මැතිවරණවලින් ද අඛණ්ඩව ජයග්‍රහණය කරමින් සිය තෙවැනි ධුර කාලය මේ වන විට සපුරමින් සිටිනවා.

Latest News
අමෙරිකානු සරසවි ශූරතා මූලික තරගයකදී ජාකෝබ් තාර්ප් 110m කඩුළු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ දමයි
Local
11 June 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර මෙහෙයුම් පුළුල් කරයි
Local
11 June 2026
"ප්‍රදේශයේ මන්ත්රීලාට පාසල් උත්සව තහනම් නෑ" - අගමැති හරිනි
Local
11 June 2026
ජාතික රෝහල් තුනට නව පත්වීම් රැසක් - හෙට සිටම ක්‍රියාත්මකයි
Local
11 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
Local
11 June 2026
අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!
Local
11 June 2026
උතුරු අමෙරිකාවේ දරුණු ගිම්හානය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තර්ජනයක් වෙයිද?
Local
11 June 2026
බිලියන ගාණක අතිරික්තයක් නෑ - 2026 පළමු කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 606ක්
Local
11 June 2026
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026
''ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා'' - මාලිමා මන්ත්‍රීනි ලක්මාලිගෙන් හෙළිදරව්වක්
Local
11 June 2026