දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුවූ අනතුරු දෙකකින් යතුරුපැදිකරුවන් දෙදෙනෙක් ඊයේ (13) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා.
අතුරුගිරිය සහ මාතලේ පොලිස් වසම්වලින් වාර්තා වූ මෙම අනතුරුවලින් එක් ස්ථානයකදී සිව් හැවිරිදි කුඩා දරුවෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය - ගොඩගම මාර්ගයේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබූ පැදිකරු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 48ක් වූ පනාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය, මාර්ගය හරහා පැන ඇති සුනඛයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවවත්, එහිදී යතුරුපැදිය පෙරළී ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසනවා.
මේ අතර මාතලේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක්, එම දෙසටම ධාවනය වෙමින් තිබූ ගෑස් සිලින්ඩර පටවන ලද රථයක ගැටීමෙන් තවත් අනතුර සිදුව තිබෙනවා.
අනතුර හේතුවෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 04ක් වන කුඩා දරුවෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 74ක පුද්ගලයෙක්.
Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026