General16 June 2026

සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට

රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සලේගේ බිරිඳ සහ ඔහුගේ නීතිඥයන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව ගොස් සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes