General16 June 2026

පෞරාණික වටිනාකමක් ඇති පාෂාණයක් කෝටි 2කට විකුණන්න ගිය 5ක් පුල්මුඩේදී කොටු

පෞරාණික වටිනාකමකින් යුක්ත බවට සැක කෙරෙන සුවිශේෂී පාෂාණයක් රුපියල් කෝටි දෙකක (මිලියන 20ක) මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුල්මුඩේ පොලිස් වසමේ තෙන්නමරම් ප්‍රදේශයේදී පෞරාණික භාණ්ඩ ජාවාරමක් සිදු වන බවට පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ත් 57ත් අතර වයස්වල පසුවන පුලියන්කුලම, ඊච්චලම්පත්තුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩය වශයෙන් තබාගත් පාෂාණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes