හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ සහ වත්කම් සමූහයක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තහනමට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම සැකකරුවාව හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා බව පොලිසිය පවසනවා.
මෙම සැකකරු 42 හැවිරිදි වියේ පසුවන යාපනය, අරියාලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද වත්කම් හා දේපළ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන ලද විමර්ශනවලින් පසු සැකකරු සතු රුපියල් හයලක්ෂ අනූපන්දාස් නමසිය පනහක් වටිනා ඩිංගි බෝට්ටුවක්, එම බෝට්ටු එන්ජිම සහ රුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා යතුරුපැදි දෙකක් මෙලෙස තහනමට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සැකකරු සහ ඔහු සතු වත්කම් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Latest News
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026
නඩු ටික ඉක්මනටම අහනවා.. ලබන අවුරුද්දේ හොරු හිරේ යනවා.. - නි. ඇමති ටී.බී. සරත්
Local
20 June 2026
තුර්කියට මුහුණ දුන් තියුණු සටනකින් පැරගුවේ කණ්ඩායමට විශිෂ්ට ජයක්!
Local
20 June 2026
ජනපති අනුර හමුවීම වරප්‍රසාදයක්: ICC සභාපතිගෙන් එක්ස් සටහනක්
Local
20 June 2026
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24: සාමාන්‍ය පෙළ දෙසැම්බර් 8 සිට 17 දක්වා - විභාග කොමසාරිස්
Local
20 June 2026