General20 June 2026

නඩු ටික ඉක්මනටම අහනවා.. ලබන අවුරුද්දේ හොරු හිරේ යනවා.. - නි. ඇමති ටී.බී. සරත්

ලබන වසර යනු මහජන මුදල් වංචා කළ දූෂිතයින් සහ හොරුන් සිරගත කෙරෙන වසර බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසනවා.

පසුගිය රජයන් තුළ සිදු වූ මහා පරිමාණ මුදල් වංචාවන්ට එරෙහිව මේවනවිටත් නීතිමය පියවර ගැනීම් අරඹා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසා සිටියේ;

"පඩි දෙකක් ගත්තා කියන්නේ බබෙක් නෙමෙයිනේ, මේවා රටේ ජනතාවගේ සල්ලි. මේ වගේ හොරකම් කළ අයට හිමිවිය යුත්තේ හිරගෙදරයි" යනුවෙන්.

මෙම අත්අඩංගුවට ගැනීම් කිසිසේත්ම පුද්ගලික පළිගැනීම් නොවන බවත්, ඒ සියල්ල නීත්‍යානුකූලව නීති රාමුව තුළ සිදුවන ක්‍රියාවලියක් බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දැනට ඇප මත සිටින පුද්ගලයන් පිළිබඳවද අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, නඩු අසා අවසන් වනතුරු ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, දැන් අලුතින් අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීම වේගවත් කර ඇති බැවින් දූෂිතයන්ට නීතියෙන් ගැලවීමට නොහැකි වනු ඇති බවයි.

"හොරු දන්නවා හොරකම් කරපු විදිය, ඒකයි ඒගොල්ලෝ ජනතාව ඉදිරියේ කලින්ම කෑගහන්නේ" යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes