මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීති විරෝධී දේපළ රාජසන්තක කිරීමේ කටයුතු කඩිනම් කරන බවත්, අධිකරණ නියෝග මත දේපොළ රාජසන්තක කිරීමට යම් කාලයක් ගතවන බැවින් එම දේපොළ වහාම ක්‍රියාවිරහිත කර තැබීමේ විශේෂ අතුරු ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව ඉදිරියේදී රුපියල් බිලියන 1.5ක පමණ දේපොළ ප්‍රමාණයක් අත්හිටුවීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටට එකට’ ජාතික මෙහෙයුමේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් සහ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා වත්මන් රජය දැඩි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය ජනවාරි 13 වන දින සිට මේ දක්වා කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 967 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය කර සිටියා.
එසේම විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් 2,146 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කර ඇති අතර, අධිකරණ නියෝගවලට අමතරව දෙමාපියන්ට ද ස්වේච්ඡාවෙන් සිය දරුවන් පුනරුත්තාපනයට යොමු කිරීමේ අවස්ථාව සලසා ඇති බව ද ඔහු සඳහන් කළා.
දැනට පවතින පුනරුත්තාපන මධ්‍යස්ථාන සීමිත බැවින් ඉදිරියේදී ඒවා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවත්, මහනුවර හන්දෙස්සේ පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මධ්‍යස්ථානයට අමතරව තවත් පුනරුත්තාපන මධ්‍යස්ථානයක් එහි ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
දිවයින පුරා පවතින පොලිස් ස්ථාන 608 හි පවතින පුරප්පාඩු පිරවීම සඳහා නිලධාරීන් 10,000ක් පමණ බඳවා ගනිමින් එම සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත්, ඊට සමගාමීව නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීමට ද පියවර ගන්නා බවත් විජේපාල මෙහිදී ප්‍රකාශ කළා.
මීට අමතරව, මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ වන නිලධාරීන්ට සහ ඒ පිළිබඳව තොරතුරු සපයන පාර්ශවයන් වෙත අප්රසිද්ධියේ විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය උපරිමයෙන් සුරක්ෂිත කරන බවට ද සහතික වුණා.
විදේශගතව සිටින සහ අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති පාතාල අපරාධකරුවන් මෙන්ම විවිධ අපරාධවලට සම්බන්ධ වී දැනට අධිකරණයට අවශ්‍යව සිටින හිටපු මැතිඇමතිවරුන් ද ජාත්‍යන්තර රතු හෝ නිල් නිවේදන (Red/Blue Notice) මඟින් හෝ වෙනත් නීත්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, අපක්ෂපාතීව සහ නීත්‍යානුකූල පටිපාටියට අනුකූලවම සිදුවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
වත්මන් රජය සෑම දෙයක්ම කරන්නේ නීත්‍යානුකූලව බවත්, නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එමෙන්ම, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදු කරනු ලබන විමර්ශන සඳහා රජයෙන් කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් නැති බවත්, සුරේෂ් සලේ සම්බන්ධ කටයුතු ද පූර්ණ නිදහස ඇතිව සිදු වන බවත් ඔහු පවසා සිටියා.
සුරේෂ් සලේ වෙත කිසිදු හිරිහැරයක් සිදු වී නොමැති අතර ඔහුගේ නීතිඥයින්ට සහ ඥාතීන්ට ඔහුව හමුවීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඇතැම් පිරිස් දේශපාලන අවශ්‍යතා මත කරන ප්‍රකාශවලට පිළිතුරු දීමට බලාපොරොත්තු නොවන බවත්, ඔහුගේ බිරිඳ විසින් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
මෙම සාකච්ඡාව සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, මධ්‍යම පළාත් ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක ඇතුළු මහජන නියෝජිතයන් ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද සහභාගි වී සිටියා.

Latest News
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19) තෙක් රිමාන්ඩ්
Local
18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි
Local
18 June 2026
''මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා'' - ඇමති ආනන්ද විජේපාල
Local
18 June 2026
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026
''උද්ධමනය 2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026