General20 June 2026

අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ඊයේ (19) එක්වුණා.

එහිදී එම කැණීම් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මෙම අවස්ථාවට යාපනය මහෙස්ත්‍රාත්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන අය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ;

"චෙම්මිනි සමූහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙනවා. මෙහි පරීක්ෂණ කටයුතු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළඟා කරන්න රජයට අවශ්‍යයි.

අතුරුදහන් වූ පුද්ගලයින් සඳහා වූ කාර්යාලය සහාය නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා.

එහි කැණීම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කළා. මෙහි කැණීම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා. කැණීම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා." යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes