International20 June 2026

අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ "තාක්ෂණික මට්ටමේ සාකච්ඡා" (Technical-level talks) හෙට (21) දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Burgenstock) හිදී ආරම්භ වන බව පාකිස්ථානය නිල වශයෙන් නිවේදනය කරනවා.

මෑතකදී අත්සන් කරන ලද "ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමේ" (Islamabad Memorandum of Understanding) ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡා පවත්වන බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මෙම විශේෂ සාකච්ඡා වටය සඳහා අමෙරිකානු සහ ඉරාන නියෝජිතයින්ට අමතරව, දෙපාර්ශවය අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මැදිහත් වූ පාකිස්ථානය සහ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ද සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related recommendation
Hiru TV News | Programmes