General22 June 2026

‘සංඛරාජා’ අලියා නිර්වින්දනය කර අල්ලා ගනී

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැරට රැගෙනවිත් සිටියදී කුලප්පු වී ඇත්ගොව්වා සහ සහාය ඇත්ගොව්වා පාගා මරා දැමූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අලියා, වනජීවී නිලධාරීන් විසින් අද (22) දහවල් නිර්වින්දනය කර අල්ලාගෙන තිබෙනවා.

අදාල ප්‍රහාරයෙන් පසු විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායකට පැන ගොස් රැඳී සිටි මෙම අලියාව මෙල්ල කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙලෙස ආරක්ෂිතව අල්ලා ගැනීමට හැකි වී ඇත.

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ 78 වන පොසොන් පෙරහැර සඳහා රැගෙනවිත් සිටි මෙම අලියාට, අද (22) උදෑසන රක්වාන ගඟෙන් ජලය ලබා දීමට ගිය අවස්ථාවේදී එකවරම කුලප්පු වී මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes