General22 June 2026

සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්

ගොවි නායකයින් ලෙස පෙනී සිටින ඇතැමුන් ගම්වල කසිප්පු පෙරන අය බව නියෝජ්‍ය ඇමති ටී. බී. සරත් පවසනවා.

එවැනි අයගේ කුප්‍රකට දේවල් ඉදිරියේදී රටට හෙළිකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, ඇතැම් ගොවි නායකයින් විරෝධතා දක්වන්නේ ආණ්ඩුව පෙරළීමට බවත් සෑම විරෝධතාවක් පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

ගොවි වෙස් ගෙන උද්ඝෝෂණ කරන විපක්ෂයේ කණ්ඩායම්වලට රජය ඇහුම්කන් නොදෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes