කළුතර උතුර හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී සිදු කරන පොලිස් පරීක්ෂකවරයෙක්.
පුද්ගලයකු ඊයේ සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එකී වාහනය සම්බන්ධව අධිකරණය වෙත අපරාධමය චෝදනා ගොනු නොකර හරිමින් සාමාන්‍ය පරිදි අධිකරණය වෙත කරුණු වාර්තා කර එම වාහනය හිමිකරුවන පැමිණිලිකරුට ලබා ගැනීමට කටයුතු සිදුකර දීම සඳහා රුපියල් ලක්ෂ 11ක මුදලක් ඉල්ලා තිබූ බවයි පොලිසිය පවසන්නේ.
එකී මුදලින් ඉකුත් 30 වැනිදා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන, ඒ සඳහා එකඟ වූ පරිදි ඉතිරි රුපියල් ලක්ෂ 10ක මුදල ඊයේ 22 රාත්රියේදී කළුතර හෝටලය තුළදී ලබා ගනිද්දී එහි සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026