කොල්ලුපිටිය පොලිස් වසමට අයත් පහළ බගතලේ පාර මුහුදු මාවත හංදිය අසලදී අද (23) පෙරවරුවේ ත්‍රීරෝද රථයකට ගිනි තබා, ඉන් අනතුරුව ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන තරුණයකු සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා.
මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ බදුරලිය, හැඳිගල්ල ජනපදය, දික් හේන, අක්කර හැත්තෑව ලිපිනයේ පදිංචිව සිටි එම්.කේ.ටී. රනිෂ්ක නමැති 26 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය පවසන පරිදි අද (23) පෙරවරු 09:30 ට පමණ අදාල තරුණයා විසින් පදවාගෙන පැමිණි රතු පැහැති ත්‍රීරෝද රථය මුහුදු මාර්ගය අසල නවතා ඊට ගිනි තබා තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු ඒ අසලින්ම පිහිටි දුම්රිය මාර්ගයට ගොස්, බම්බලපිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ අංක 59 දරණ මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියට පැන ඇතැයි පොලිසිය පවසනවා.
දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව ඇති අතර, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ භටයින් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ත්‍රීරෝද රථය බදුරලිය, හැදිගල්ල ජනපදයේ පදිංචි 34 වියැති කාන්තාවකට අයත් එකක් බවයි.
කෙසේ වෙතත්, මෙම තරුණයා ත්‍රීරෝද රථයට ගිනි තැබීමට සහ සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ත්‍රීරෝද රථයේ හිමිකාරිය සහ මියගිය තරුණයා අතර ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳවද මෙතෙක් තොරතුරු හෙළි වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
Latest News
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026
මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයන් සළකුණු කිරීමේ ක්‍රමය අත්හිටුවීම සඳහා, අදාල නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
23 June 2026
ලබන වසරේ සිට රජයේ පාසල්වල 01 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
Local
23 June 2026
හිටපු අමාත්‍ය ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්: තීන්දුව කල් තැබේ
Local
23 June 2026
සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්
Local
23 June 2026
ඉන්දියාවේ නිෂ්පාදිත නවීනතම නාවික යාත්‍රා 3ක් අගමැති මෝදි අතින් එරට නාවික හමුදාවට
Local
23 June 2026
කෝරළේඉම සමූපාකාර බැංකුවේ කෝටි ගණනක රන් බඩු කොල්ලකරුවන් අරගෙන ගිහින් - පොලිසිය
Local
23 June 2026
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවයි
Local
23 June 2026