General23 June 2026

මේ අවුරුද්දේ කොහොමහරි මහනුවරට දුම්රිය ධාවනය කරවනවා - නි. ඇමති ප්‍රසන්න

මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කරවීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රඹුක්කන - මහනුවර දුම්රිය මාර්ගයේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ කොටස් 97න් කොටස් 92ක් මේවනවිටත් යළි සකස්කර ඇති බවයි.

ඉතිරි කොටස් 05 දුම්රිය දෙපාර්තමේන්තුවට තනිව සකස් කළ නොහැකි බැවින් එම කොටස් යළි සකස් කිරීමට යම් කාලයක් ගතවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

දුම්රිය මාර්ග යළි සැකසීමේදී බඩු බාහිරාදිය රැගෙන යාම ලොකු අභියෝගයක් වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes