General23 June 2026

වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර

මෙවර අයවැය යෝජනාව මඟින් එළැඹෙන ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද සඳහා වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.


Related recommendation
Hiru TV News | Programmes