ඩුබායිහි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමෙන් පසු රැඳවුම් නියෝග මත සිටි, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන චාමර සම්පත් රුද්‍රිගු නොහොත් "මහවත්තේ චාමර" නමැත්තා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (23) නියෝග කළා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
මෙම සැකකරුට එරෙහිව ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 4 අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවත්, ඒ සඳහා සැකකරුව එම අධිකරණයට යොමු කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙසත් විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින්, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මෙලෙස තවත් නඩුවක් ගොනු කළ බව සඳහන් කළේය.
එසේම දැනට පවතින මෙම නඩුව අවසන් කර, අංක හතර අධිකරණයේ පවතින නඩුව වෙත සැකකරු යොමු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදී පනත යටතේ පවතින නඩුවක් එලෙස අවසන් කළ නොහැකි බවත්, ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ඒ පිළිබඳව සඳහන් නොවන බවත්ය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන බවයි.
පසුව, අදාල සිද්ධියට එම සැකකරු අංක 04 අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී අවි ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව වෙනුවෙන් එම සැකකරුව ලබන ජූලි 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (23) නියෝග කළා.
Latest News
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026