General24 June 2026

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති

ඉදිරියේදී ඇති වියහැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ජනපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

එම ක්‍රියාවලිය විශේෂ අවධානයකට ලක්විය යුතු කරුණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ  (23) පෙරවරුවේදී යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවක් අතරතුරයි.

මේ අතර ගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙහිදී ජනාධිපතිවරයා අදාළ ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවා.

මෙහිදී යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක් කළා.
Related recommendation
Hiru TV News | Programmes