හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඇය සොයා ගැනීම සඳහා මහජන සහයෝගය ඉල්ලා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
තම දියණිය අතුරුදන්ව ඇති බවට ඉකුත් මාර්තු මස 06 වැනි දින හාලිඇල ප්‍රදේශයේ පදිංචි අදාල තරුණියගේ මව විසින් ඇටම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මෙම සිදුවීමට අදාලව වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර ඇති බව පොලිසිය පවසනවා.
• නම: රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි
• වයස: අවුරුදු 19
• ජාතික හැඳුනුම්පත් අංකය: 200750204474
• ලිපිනය: හෙල මොරේතොට, හාලිඇල
අතුරුදන් වූ තරුණිය උස අඩි 5යි අඟල් 06ක් පමණ වන, සාමාන්‍ය සිරුරක් හිමි තළෙලු තරුණියක් බවත්, ඇයගේ කොණ්ඩය ඉණ දක්වා වවා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසනවා.
ඒ අනුව, මෙම ඡායාරූපයේ සිටින තරුණිය පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, වහාම ඇටම්පිටිය පොලිසියේ ස්ථානාධිපති - 071 – 8591528 හෝ ඇටම්පිටිය පොලිස් ස්ථානය 055 - 2294965 අමතන ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Latest News
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි
Local
25 June 2026
චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි
Local
25 June 2026
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා කෝටි 48ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි
Local
25 June 2026
ඩෙංගු බෝ කළ 5000කට නඩු
Local
25 June 2026
අයි.එම්.එෆ්. නියෝජිත පිරිසක් රේගු මූලස්ථානයේ නිරීක්ෂණයක
Local
25 June 2026
තෙල් මිල අඩු කිරීම ගැන දැන්ම කියන්න බෑ.. ලෝකෙ මිල අඩු වුණාම සහනයක් දෙන්නම් - බලශක්ති ඇමති
Local
25 June 2026
නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු සිද්ධියේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි
Local
25 June 2026
කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. - දේශයේ ගොවි හඬ සංවිධානය
Local
25 June 2026
රටින් පැන ගිය අපරාධකරුවන්ට රතු වරෙන්තු - ජනපති
Local
25 June 2026