දූෂණය සහ වංචාවට එරෙහිව දඬුවම් පැමිණවීම සඳහා පොදු ජනතාව තුළ පවතින අපේක්ෂාවන් ඉටු කරන ආණ්ඩුව බවට වත්මන් රජය පත්වෙමින් සිටින බවත්, ඒ යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් රැසකට එරෙහිව මේ වන විටත් වරෙන්තු ලබාගෙන ඇති බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ බව පවසා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
අධිකරණයට මුහුණ දීමට නොහැකිව අපරාධකරුවන් විශාල පිරිසක් මේ වන විට රටින් පලා ගොස් ඇති බව පවසන ජනපතිවරයා, ඔවුන් මෙරට අධිකරණය හමුවට පැමිණවීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරමින් උපරිම උත්සාහයක නිරත වන බව සඳහන් කළා.
රටින් පලාගිය සැකකරුවන්ට තමන් නිවැරදිකරුවන් බව පෙන්වීමට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය පැවතියද, ඔවුන් එසේ නොකර වරෙන්තු 7ක් 8ක් නිකුත් වනතුරු එක්සත් ජනපදය වැනි රටවල රැඳී සිටින බවත්, මීට පෙර රට තුළ පැවතියේ කෙබඳු දේශපාලනයක්ද යන්න මෙයින් පැහැදිලි වන බවත්, ඔහු පවසනවා.
එසේම මෙම වංචා හා දූෂණ සිදුවීම්වලට අදාළ ඇතැම් සාක්ෂිකරුවන් ලංකාවට පැමිණ සාක්ෂි දීමට බියක් දක්වන බව ජනපතිවරයා අනාවරණය කරනවා.
වෙනත් රටක සිට සාක්ෂි දීමට ඔවුන් කර ඇති ඉල්ලීම සලකා බලා, ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන මේ වන විට සම්පාදනය කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව, අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත මෙරට විමර්ශන නිලධාරීන් ගොස් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමට කටයුතු සූදානම් කර ඇති බවත්, එහි පළමු පියවර ලෙස ඉදිරියේදීම සාක්ෂි විමසීම් කටයුතු සඳහා මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත බවත්, ජනපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Latest News
ඩෙංගු බෝ කළ 5000කට නඩු
Local
25 June 2026
අයි.එම්.එෆ්. නියෝජිත පිරිසක් රේගු මූලස්ථානයේ නිරීක්ෂණයක
Local
25 June 2026
තෙල් මිල අඩු කිරීම ගැන දැන්ම කියන්න බෑ.. ලෝකෙ මිල අඩු වුණාම සහනයක් දෙන්නම් - බලශක්ති ඇමති
Local
25 June 2026
නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු සිද්ධියේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි
Local
25 June 2026
කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. - දේශයේ ගොවි හඬ සංවිධානය
Local
25 June 2026
රටින් පැන ගිය අපරාධකරුවන්ට රතු වරෙන්තු - ජනපති
Local
25 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසි කරනවා - ජනාධිපති
Local
25 June 2026
භූ කම්පනයෙන් පසු වෙනිසියුලාවේ ගුවන් තොටුපළ වසා දමයි
Local
25 June 2026
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026