General25 June 2026

විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුතෙකු වන නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන චරිත වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්රී ලංකා සමාගමේ හිටපු අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්රී චතුරංග යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) ඔවුන්ව අත්අඩංගුවට ගැනුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් හරක්කටා යන අය පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාල කටයුතුවලින් නිදහස් කර දීම සඳහාත්, අවශ්ය කටයුතු කර දීම වෙනුවෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්යයේදී, ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

සැකකරුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000ක මුදලක් (කෝටි 50ක්) අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200ක මුදලක් (කෝටි 12ක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙනුයි ඔවුන්ව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes