නුවරඑලිය සංචාරක නිකේතනයදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස නුවරඑළිය පොලිසියට අද (25) අවසර ලබා දුන්නා.
ඒ, නුවරඑළිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක (35) සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ (49) යන අයවලුන්.
ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත ඊයේ (24) රාත්‍රියේ භාර දෙනු ලැබූවා.
ඝාතනය සහයෝගය දැක්වු කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ඝාතනයට අනුබල දුන් ආරක්ෂක අංශ නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑලිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026