චීනය සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා තුන අතුරින් නවතම සහ බලවත්ම නෞකාව පසුගිය අඟහරුවාදා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
චීනයෙන් එල්ල විය හැකි ආක්‍රමණශීලී ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තායිවානය දින පහක විශේෂ යුද අභ්‍යාසයක් ආරම්භ කර දිනකට පසුව චීනය මෙම පියවර ගෙන තිබෙනවා.
'ෆූජියන්' (Fujian) ලෙස නම් කර ඇති මෙම දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාව, චීනය සහ තායිවානය වෙන් කරන පටු මුහුදු තීරය හරහා ප්‍රථම වරට අත්හදා බැලීමේ ගමනක නිරත වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.
අනතුරුව, පසුගිය දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් සේවයට අනුයුක්ත කළ යුද නෞකාවක් ලෙස එය පළමු වරට මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළා.
තායිවානය තමන් සතු ස්වයං පාලන දූපතක් ලෙස හිමිකම් කියන චීන රජය, එය බීජිං පාලනය යටතට ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් බලය භාවිතා කිරීමේ හැකියාව ද බැහැර කර නැහැ.
චීනය නිරන්තරයෙන්ම තායිවාන දේශසීමා දෙසට නාවික සහ ගුවන් යුද යානා එවමින් යුද අභ්‍යාස පවත්වන අතර, මෑත වසරවලදී ඒවා කොතරම් නිතර සිදුවූයේද යත්, වර්තමානයේදී එය දිනපතාම පාහේ සිදුවන තත්ත්වයකට පත්ව තිබෙනවා.
චීන හමුදා ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට සාර්ථකව මුහුණ දීම සඳහා තායිවානය ද සිය දින පහක යුද අභ්‍යාස මාලාව පසුගිය සඳුදා ආරම්භ කළා.
බලහත්කාරයෙන් තායිවානය යටත් කර ගැනීමට චීනය දරන ඕනෑම උත්සාහයකට අනතුරු ඇඟවීමක් කරමින්, ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම ඔවුන්ගේ මිත්‍ර රටවල් ද වරින් වර මෙම සමුද්‍ර සන්ධිය හරහා සිය යුද නැව් යාත්‍රා කරවීමට පියවර ගනිමින් සිටිනවා.

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026