General26 June 2026

මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන ඇරඹේ

අදට (26) යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙයුම යටතේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් අද උදෑසන ආරම්භ කෙරුණේ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගීත්වයෙන්.

එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා ක්‍රියාත්මක ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද පස්වරුවේ කොළඹ 07, විජේරාම මාවතේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes