General26 June 2026

භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්

නුවරඑළියේ නවාතැන්පොළකදී භෞතචිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (26) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන අතර, පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නිවුන් සහෝදරයෙකුද වන බවඳ සදහන්.

ඝාතනයට ලක් වූ අදාළ භෞතචිකිත්සකවරියගේ සිරුර තෙල්දෙණිය රෝහල අසළ රථගාලක නවතා තිබූ මෝටර් රථයක තිබී සොයා ගත්තේ පසුගිය 17 වනදායි.
Related recommendation
Hiru TV News | Programmes