වර්තමානය වන විට ශ්‍රී නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබෙන බවත් මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ. සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් අවශ්‍ය බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අගමැතිනිය මේ පිළිබඳව සඳහන්කර සිටියේ පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින්.
අගමැතිනිය නිකුත් කළ පණිවිඩය පහතින්.
''මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය, ආධ්‍යාත්මික පිබිදීම, ප්‍රඥාව සහ සමාජයීය සමගිය අපට සිහිපත් කර දෙන උදාර පුණ්‍ය දිනයකි.පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වතාවත්වලට පමණක් සීමා වූවක් නොවන අතර, එය සමස්ත ජාතියකගේම සංස්කෘතිය, සදාචාරාත්මක ජීවන රටාව සහ චින්තනය පරිවර්තනය කළ සංකේතයක් ද වෙයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මෙරටට දායාද වූ බෞද්ධ දර්ශනය, සියවස් ගණනාවක් පුරා අපගේ ජාතික අනන්‍යතාව හැඩගැස්වීමට සමත් විය.
සැබෑ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිස් සිතින් බව පොසොන් පොහොය දිනය අපට මතක් කර දෙයි. කරුණාව, දයාව, සමානාත්මතාවය, විනය සහ වගකීම වැනි උතුම් මානව සාරධර්ම මත පදනම් වූ සමාජයක් ගොඩනැඟීම තුළින්, සාමකාමී, සාධාරණ සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ. මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ. සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍ය වේ. සදාචාරය, අවිහිංසාව සහ කරුණාව අගය කරන පොසොන් පොහොය දිනයේ සැබෑ හරය, විනයගරුක සහ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම උදෙසා රජය සතු දැක්මට මඟපෙන්වන ආලෝකයක් වනු නොඅනුමානය.මෙම උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදී, සමස්ත බෞද්ධ ජනතාවට සාමය, ප්‍රඥාව සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරමි.''

Latest News
''සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා!''
Local
29 June 2026
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
Local
29 June 2026
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026