General29 June 2026

කාන්තාවක් අඩි 30ක් පමණ ප්‍රපාතයට ඇද වැටී බරපතල තුවාල

තේ වත්තේ වැඩට යමින් සිටි වතු කම්කරු කාන්තාවක් පාලමක් මතින් ගමන් කරමින් සිටියදී එක්වරම පාලම අසළ අඩි 30ක් පමණ ප්‍රපාතයට ඇදවැටී බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

කිරිමෙන් අනතුරුව එම තුවාල ලැබු කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය පැවසුවා.

අවුරුදු 72ක් වයසැති එම කාන්තාව බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචිකාරිණියක් බවත්, ඇය වැඩට යමින් සිටියදි බගවන්තලාව ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග පාලම පසු කරනවාත් සමග එක් වරම පාලම අසළින් පහළට ඇදවැටෙනු දුටු වතුකම්කරුවන් එක්ව ඇය ගොඩට ගෙන රෝහල් ගත කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes