වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු පිරිස වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මහා පරිමාණ කෝටිපතියන් වී ඇති බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයන් කතාවට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්විය යුතු බවත් හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
කොළඹ මල් පාර පිහිටි දේශපාලන කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.
පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ බවත්, කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබන බවටත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන කරුණු පිළිබඳව තමන් එකඟ වුවත්, ඒවා ප්‍රායෝගිකව සිදුවන්නේද යන්න ප්‍රශ්නසහගත බවත් ඔහු එහිදී පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.
"ජනාධිපතිතුමා ජනවරමට අනුව වැඩ කරනවා කියනවා. හැබැයි මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් ඇතුළුව කන්ටේනර් 323ක් පිටතට ගියා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට රතු සංඥා (Red Channel) දාපු කන්ටේනර් එළියට දැම්මා. මේක වංචාවක් නෙවෙයිද? මේ ගැන අල්ලස් කොමිසම හෝ සී.අයි.ඩී එක හොයන්නේ නැද්ද?
අනෙක් එක තමයි ගල්අඟුරු හොරකම. අද විදුලි බිල සහ ඉන්ධන මිල වැඩිවීමට හේතුව හොර්මුස් සමුද්‍ර සන්ධියේ ප්රශ්නය නෙවෙයි, වැරදි කළමනාකරණය සහ ගල්අඟුරු හොරකමයි.
මේවා රුපියල් ලක්ෂ දෙක තුනේ ඒවා නෙවෙයි, බිලියන ගණන් වංචා."
මේවා රුපියල් ලක්ෂ දෙක තුනේ ඒවා නෙවෙයි, බිලියන ගණන් වංචා."
මීට පෙර ඉතා දුප්පත් මට්ටමක සිටි ඇතැම් ඇමතිවරුන් අද වන විට කෝටි ගණනක වත්කම් උපයාගෙන ඇති බවට මෙහිදී හෙතෙම චෝදනා කළා. බැනියමක්, යට ඇඳුමක් ගැනීමට නොහැකිව අනුන්ගෙන් ඉල්ලාගෙන ඇඳි, වෛද්‍යවරයා හමුවීමට ගොස් මුදල් ආධාර ලබාගත් ඇතැම් ඇමතිවරුන් වසර එකහමාරක් ඇතුළත කෝටිපතියන් වූයේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා.
තමන් සතුව තිබුණේ බිරිඳගේ වැටුප පමණක් බව පැවසූ ඇමතිවරයකු අද වන විට සුඛෝභෝගී තෙමහල් නිවාස හදන බවත්, දියණියගේ නමට අවට ඉඩම් මිලදී ගන්නා බවත් හෙළි කළ ඔහු, ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී වුවද කැබිනට් ඇමතිවරයකු සිය වත්කම් ප්‍රකාශයේ ක්රිප්ටොකරන්සි (Cryptocurrency) ඇති බව සඳහන් කර තිබීම මගින් දූෂණය පැහැදිලි වන බව සඳහන් කළා.
එසේම, ඇමතිවරුන් දෙදෙනෙකු සහ සභාපතිවරයෙකු එකතු වී ජාතික දේපළක් හොර ඔප්පු මගින් තමන්ගේ නමට ලියාගෙන ඇති බවත්, එම නඩුව විභාග කළ මහේස්ත්රාත්වරයාව මාරු කර යවා ඇති බවත් ඔහු අනාවරණය කළා.
2023 වසරේ සිට මේ දක්වා ටී.ටී. (TT) ක්‍රමයට ඩොලර් බිලියනයකට ආසන්න ඇඩ්වාන්ස් පේමන්ට් (Advance payment) කර ඇති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම මුදල් ගියේ රජයෙන්ද පුද්ගලික අංශයෙන්ද යන්න සහ ඒ සඳහා ඇති සාක්ෂි රටට ඉදිරිපත් කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ලබන සතියේදී මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවද ඔහු පැවසුවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරන බව පැවසුවද, දැනටමත් ඇතැම් පිරිස් රඳවා තබා ගැනීමට ආණ්ඩුව එය භාවිත කරන බවත්, වර්තමානයේ උතුරේ හෝ දකුණේ ත්රස්තවාදයක් නොමැති බැවින් එම පනත වහාම අහෝසි කළ යුතු බවත් හෙතෙම පැවසුවා.
රාජපක්ෂ සමයේ සිදුවූ ලසන්ත, එක්නැලිගොඩ, තාජුඩීන්, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ඝාතන සහ පහරදීම් පිළිබඳ පරීක්ෂණ යහපාලන රජය සමයේ ආරම්භ කළ බවත්, එවකට ඊට සම්බන්ධ වූ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් වත්මන් රජයේ සිටින බැවින්, ජාතක කතා නොකියා සැප්තැම්බර් මාසයට වසර දෙකක් සපිරෙන මෙම රජය මගින් අලුතින් සොයාගත් කරුණු සහ ප්‍රගතිය රටට පෙන්විය යුතු බවත් ඔහු අවධාරණය කළා.
විපක්ෂයට ප්රජාතන්ත්රවාදය හුරු නැති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න කියා සිටියේ 1971 සහ 1989 වසරවලදී මිනිස්සු 6,661 දෙනෙකු ඝාතනය කරමින්, තමන්ගේ නායකයා වූ විජය කුමාරතුංග මහතාවද හිසට වෙඩි තබා ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද ප්රජාතන්ත්රවාදය ගැන කතා කිරීම විහිළුවක් බවයි.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අපරාධ විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවා රෝහණ විජේවීර ඇතුළු පිරිස සිරගත කළද, ඔවුන් නිදහස් කළේ එජාප (UNP) රජයේ ජේ.ආර්. ජයවර්ධන මහතා බවත්, ඉන්පසු බලයට පත් රනිල් වික්‍රමසිංහ සහ විජේතුංග යන මහත්වරුන්ට වත්මන් පාලකයන් සතු වෛරය සහ ක්‍රෝධය තිබුණේ නම් ජනතා විමුක්ති පෙරමුණ අදටත් කූඩු වී පවතින බවත් ඔහු සිහිපත් කළා.
ඔවුන්ට 1994 දී පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදී, සාකච්ඡා කර, මැතිවරණවලට තරඟ කිරීමට ඉඩ සැලසුවේ එදා පැවති ප්රජාතන්ත්රවාදී රජයන් නිසා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
Latest News
"ආණ්ඩුවේ ඇමතිවරු අවුරුදු එකහමාරෙන් කෝටිපතියෝ වෙලා; ජනාධිපතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශය ක්‍රියාවෙන් පෙන්වන්න" - රාජිත චෝදනා කරයි
Local
29 June 2026
දික්වැල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Local
29 June 2026
"අල්මාරියේ සල්ලි අඩුවුණාමත් භාරව ඉන්න කෙනා දන්නවා: බිලියන 13ක් නැතිවෙනකම් බැංකුවේ නිලධාරීන් දන්නේ නැද්ද?" - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විමසයි
Local
29 June 2026
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
Local
29 June 2026
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026