General30 June 2026

මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,000ක් පරීක්ෂාවට: 7,000ක මදුරු කීටයින්

මේ මාසයේ ගෙවුණු දින 25 තුළ මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,712ක් පරීක්ෂා කර තිබෙනවා.

ඉන් ස්ථාන 7,188ක කීටයන් හමු වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඒ අනුව, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 6,000කට වැඩි පිරිසකට නඩු පැවරීමට පියවරගෙන ඇති බවයි ඔවුන් කියා සිටියේ.

පෙරේදා ඩෙංගු රෝගීන් 986ක් හදුනාගෙන ඇති අතර, වසරේ මේ දක්වා දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,159ක්.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 31ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes