General02 July 2026

වෙනිසියුලානු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2,200 ඉක්මවයි

වෙනිසියුලාවට බලපෑ භූමිකම්පා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම භූ කම්පන හේතුවෙන් තවත් පුද්ගලයන් 11,267 දෙනෙකු තුවාල ලබා ඇති අතර 50,000කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් තුවාලකරුවන් ප්‍රතිකාර ලබාදීමේදී මේ වනවිට දැඩි සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය ඉක්මනින් පාලනය නොකළහොත් ඉදිරි දින හා සතිවලදී තවත් ජීවිත රැසක් අහිමි වනු ඇති බවත් සහන සේවා කටයුතුවල යෙදී සිටින පිරිස් සදහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes