Sports02 July 2026

Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ මියුසියස් විද්‍යාලයට

දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 12න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ මියුසියස් විද්යාලයට හිමිවුණා.

එහිදී තත්පර 28.91ක නව තරග වාර්තාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුණා.

හිරු මාධ්ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්ය ජාලයේ පූර්ණ අනුග්රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

ශ්රී ලංකා පාසල් මලල ක්රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්යාපන අමාත්යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
Related Recomands
Hiru TV News | Programmes