General02 July 2026

කමාන්ඩෝ සලින්ත ලබන 16 දක්වා යළිත් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත ලබන 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (2) නියෝග කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විසින් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස කමාන්ඩෝ සලින්ත නම් කර ඇත.
Related recommendation
Hiru TV News | Programmes