General02 July 2026

ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට

ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබුණා.

එහෙත් එම අර්බුදයෙන් වසර තුනකට පසු, එනම් 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය 5%ක් ලෙස සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ.

මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගයීමට රටවල් 218ක් ලක්ව තිබූ අතර ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ඩොලර් මිලියන 150ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (01) පියවර ගත්තා.
Related recommendation
Hiru TV News | Programmes