General04 July 2026

තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටී අද (04) දහවල් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 48 සහ 63 යන වයස්වල පසුවන දෙදෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes