General05 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට

UPDATE: 2026-07-05   3:50 PM


මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කළ රැඳවියන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරනවා.


---------------

UPDATE: 2026-07-05   3:38 PM

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම පාලනය කර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා තිබෙනවා.

---------------

UPDATE: 2026-07-05   :3:10 PM


මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ පිරිස 21ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.


---------------

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් 12 දෙනෙක් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes