ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන හෝ ඒවාට අනුබල දෙන ඉන්ස්ටග්‍රෑම්හි පළ කර ඇති දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ඉන්දීය රජය විසින් මෙටා (Meta) සමාගමට නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව තුළ ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කෙරෙන මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ක්‍රියාත්මක වන බව 'බීබීසී අයි' ආයතනය සිදු කළ විමර්ශනයකින් හෙළි වීමෙන් පසුවයි.
තාක්ෂණික සමාගම වෙත යොමු කළ නිවේදනයක් මඟින්, මෙවැනි අන්තර්ගතයන් සහිත මුදල් ගෙවූ දැන්වීම් තම සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කිරීමට ඉඩ හැරියේ කෙසේ ද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ද රජය ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.
"ඉන්ස්ටග්‍රෑම් හි මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් අතර ළමා ලිංගික සූරාකෑම සහ අපයෝජන අන්තර්ගතයන් දර්ශනය වීම සම්බන්ධයෙන් රජය විසින් මෙටා සමාගම වෙත දැඩි නිවේදනයක් නිකුත් කර තිබෙනවා," යැයි ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
"රජය විසින් දින හතක් ඇතුළත මෙටා සමාගමෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා," යැයි ද ඔහු පවසා සිටි බවයි වාර්තා වෙන්නේ.
රජයේ මෙම නිවේදනය පිළිබඳව මෙටා ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, දැන්වීම් ද ඇතුළුව ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ඉල්ලා සිටීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් තම සමාගම "බිංදුවේ ඉවසීමේ ප්‍රතිපත්තියක්" අනුගමනය කරන බවයි.
"නීති විරෝධී අන්තර්ගතයන් සහ පුද්ගලයින් කල්තියා හඳුනා ගැනීමට අපි දියුණු කෘතිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතා කරනවා. නමුත් අපගේ බිලියන 3.5ක් වන පරිශීලකයින් අතර සැඟවී සිටිමින් අපගේ පද්ධති මඟහැරීමට උත්සාහ කරන අපරාධකරුවන් සමඟ අපි නිරන්තර සටනක නිරත වෙලා ඉන්නවා," යැයි එම ප්‍රකාශකයා පවසා සිටියා.
රජයේ මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ බීබීසී අයි විමර්ශනය ප්‍රකාශයට පත් කර දින කිහිපයකට පසුවයි.
කෙසේ වෙතත්, මෙම නිවේදනය නිකුත් කළේ බීබීසී වාර්තා චිත්‍රපටයට සෘජු ප්‍රතිචාරයක් ලෙස ද යන්න රජය හෝ මෙටා සමාගම මෙතෙක් තහවුරු කර නැහැ.

Latest News
Infinity Rover පිරිමිඩාකාර යෝජනා ක්‍රමය ගැන විමර්ශන
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකයෙක් (පාලන) අත්අඩංගුවට
Local
06 July 2026
පොලිසියේ බවට පවසා මුදල් වංචා කරලා : පොලිසිය අධිකරණයට දන්වයි
Local
06 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය දීර්ඝ කෙරේ
Local
06 July 2026
ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් විමර්ශනයට නියෝග
Local
06 July 2026
''මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි'' - විපක්ෂ නායක
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් වෙනත් බන්ධනාගාරවලට මාරුකරයි
Local
06 July 2026
ළමා ලිංගික අපයෝජන ප්‍රවර්ධනය කරන දැන්වීම් ඉවත් කරන ලෙස ඉන්දියාවෙන් මෙටා සමාගමට නියෝග
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් අසාධ්‍ය වූ නිලධාරීන් සිව්දෙනෙක් කොළඹ ජාතික රෝහලට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල
Local
06 July 2026