General06 July 2026

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් වෙනත් බන්ධනාගාරවලට මාරුකරයි

ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර බලධාරීන් පවසනවා.

එහි ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සහ ඉන් අනතුරුව මතු වූ ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බන්ධනාගාරයේ තදබදය අවම කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි පැවසෙන්නේ.

ඒ අනුව, බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් දිවයිනේ අනෙකුත් ප්‍රධාන බන්ධනාගාර වෙත අදියර කිහිපයක් යටතේ රැගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes