මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඛේදනීය තත්ත්වය නිසා සිදුවු ජිවිත අහිමි වීම හා තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය ඇති වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීම හා අකාර්යක්ෂමතාව නිසා බවත් වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශකර සිටියේ බන්ධනාගාරය තුළ ජීවිත හානි සිදු වුවහොත් රජය වගකිව යුතු බවත් එම නිසා මේ අවස්ථාවේ දී ද ජීවිත ගණනාවක් අහිමි වී ඇති නිසා වත්මන් රජය ද මේ සිදුවීමට වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂනායකවරයා මේ පිළිබඳව පවසා සිටියා.
වත්මන් රජය බලයට පැමිණියේ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා වුවත් පවතින ක්‍රමය අසාර්ථකයි කියා අද මේ මීගමුව බන්ධනාගාරය හා කේන්ද්‍ර ගත වූ සිදුවීමෙන් පෙනී යන බවත් නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට නොහැකි ද කියා ප්‍රශ්න කරන බවත් බන්ධනාගාර තුළ නිශ්චිත මානුෂීය පරිපාලනයක් ගෙනයන්න නොහැකි ඇයි කියා ප්‍රශ්න කරන බවත් රටේ ජනතාව මේ දෙස බලා සිටින නිසා රජය පිළිතුරු දිය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියා.
මේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් රජයට කැමති වාර්තා හදන කමිටුවක් නොව මේ සම්බන්ධයෙන් පැහැදිලි ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
ජාතික ආරක්ෂාව යනු පුළුල් දැක්මක් ඇති දෙයක් බවත් අධ්‍යාපන ආර්ථිකය බන්ධනාගාර නීතිය හා සාමය මෙයට ඇතුළත් බවත් එදා උද්දච්චකමින් බංකු අරන් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්න කියු රජයේ ජාතික ආරක්ෂාව බිද වැටි ඇති නිසා මේ උද්දච්චකම පසෙකලා මේවාට පිළිතුරු දෙන ලෙසත් නිහතමානි වී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
Infinity Rover පිරිමිඩාකාර යෝජනා ක්‍රමය ගැන විමර්ශන
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකයෙක් (පාලන) අත්අඩංගුවට
Local
06 July 2026
පොලිසියේ බවට පවසා මුදල් වංචා කරලා : පොලිසිය අධිකරණයට දන්වයි
Local
06 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය දීර්ඝ කෙරේ
Local
06 July 2026
ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් විමර්ශනයට නියෝග
Local
06 July 2026
''මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි'' - විපක්ෂ නායක
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් වෙනත් බන්ධනාගාරවලට මාරුකරයි
Local
06 July 2026
ළමා ලිංගික අපයෝජන ප්‍රවර්ධනය කරන දැන්වීම් ඉවත් කරන ලෙස ඉන්දියාවෙන් මෙටා සමාගමට නියෝග
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් අසාධ්‍ය වූ නිලධාරීන් සිව්දෙනෙක් කොළඹ ජාතික රෝහලට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල
Local
06 July 2026