General07 July 2026

විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා

විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙන පවසා රුපියල් 50,000/= ක මුදලක් ලබාදෙන පවසා පුද්ගලයෙක්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය ඊයේ (6) නියෝග කළා.

සිද්ධියට අදාලව කරුණු දක්වමින් වැලිකඩ පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
මහේෂ් ප්‍රසන්න නමැත්තෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාල කරුණු සලකා බලා එලෙස නියෝග කර තිබූණා.

විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙන බව පවසා පැමිණිලිකරු රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ.
Related recommendation
Hiru TV News | Programmes