මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ බන්ධනාගාර සිරකරුවන් 20 දෙනාගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්නට අද (07) නියෝග කළා.
මෘත දේහවලට අදාලව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෘතදේහයන් මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙස ද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චිට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ.
මෙ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් (53883) බණ්ඩාර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
මෙම ගැටුමෙන් මියගිය 27 දෙනා සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මීගමුව මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මරණකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කරමින් නඩුව කල් තැබීය.
Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026
එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ
Local
07 July 2026
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026