මෙවර ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන අදාල අමාත්‍යාංශ සහ ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ ප්‍රථම සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.
නිවාස හා ජනාවාස සංවර්ධනය සම්බන්ධ ගැටලු, විකල්ප විසඳුම් හා නව ප්රවණතා පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු කරවීමත්, ජාතික මට්ටමේ සංවාදයක් ගොඩනැඟීම තුළින් ඒ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමත් මෙහි මූලික අරමුණක්.
එමෙන්ම, එකී ප්රයත්නයන්ගේ ප්රතිලාභ කඩිනමින් සියලු ජනතාව වෙත ළඟා කර දීම ද මෙම දිනය සැමරීමේ අරමුණු අතර වේ.
මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 වන දිනට යෙදී ඇති අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 'සැමට ප්‍රමාණවත් නිවාස' - 'Adequate Housing for all' යන්න මෙවර තේමාව ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතනය වශයෙන් කටයුතු කරනු ලබන්නේ නිවාස විෂය භාර අමාත්‍යාංශයයි.
ඒ අනුව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් සෙසු අදාල අමාත්‍යාංශ හා සියලුම ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙවර ද ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
Latest News
සිවරාසා අනෝජන්ගේ මව හිරු ප්රවෘත්ති මැදිරියට
Local
22 September 2026
අමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් අඩාල වෙයි
Local
22 September 2026
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ රෝහල් හදන්න ඇපලෝ කැමැත්ත - විජිත හේරත් සමඟ සාකච්ඡාවක්
Local
21 September 2026
ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix තරුවට සමාජ මාධ්‍ය විරෝධයක්
Local
21 September 2026
මාලිමාවට දරදිය ඇද්ද ඔහුට මාලිමාවෙන්ම ගුටි
Local
21 September 2026
'CALIN POPULAR AWARDS 2026' සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
21 September 2026
මාතර, වල්ගමදී මත්ද්‍රව්‍ය 21 Kg ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට හිටපු නාවික කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්‍රමාණයක් සමඟ 4ක් අත්අඩංගුවට
Local
21 September 2026