General07 July 2026

''ඩෙංගු රෝගයෙන් මීගමුවේ රැඳවියන් මියගිය කතාව අසත්‍යයි'' - ඇමති නලින්ද කියයි

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගොස් ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
Related recommendation
Hiru TV News | Programmes