General08 July 2026

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා පත් කර තිබෙනවා.

මෙම පත්වීම පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මකයි.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් තිසේරා, 1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව තිබුණා.

සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවල අණභාර නිලධාරීවරයා ලෙස මෙන්ම නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් මොහු විසින් දරා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes