හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහර සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු මස 13 දින ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවලයන්හි 13 වැනි දින අලුයම 6.17 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතයි.
කප් සිටුවීමෙන් පසු 13 දා සිට 17 දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනවා.
මහනුවර ඇසළ මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර 18 වැනිදා වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා.
පස්වන කුඹල් පෙරහර 22 වැනි දින වීදී සැරීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහර ආරම්භ වෙයි.
රන්දෝලි පෙරහර වීදි සංචාරයට නියමිතව ඇත්තේ අගෝස්තු මස 23 දා සිට 27 දක්වාය.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 27 දින වීදී සංචාරය නිමාකර ගෙවැදීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කෙරේ.
අනතුරුව සිව් මහා දේවල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත ගමන් ගෙන 28 දින අලුයම් කාලයේ දිය කැපුම් මංගල්‍යය සිදු කරනු ලබනවා.
එදින දහවල් දවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවයි නිලංග දෑල පැවසුවේ.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල නාහිමිවරුද නාථ, විෂ්ණු, කතරගම දේවාල බස්නායක නිලමේවරුද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු නිලධාරීන් ද සහභාගි වුණා.
Latest News
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026