General10 July 2026

ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන එම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළා .

මෙම සිද්ධියට අදාල දෙවන සැකකරු වන මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරියා ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.

එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණයෙන් නියම වූවා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාළව වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අධිකරණයේදී නිරීක්ෂණය කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes