දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 14 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළා.
සිද්ධියට අදාලව සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ ජුලි 13 වනදා සිට අගෝස්තු 2 යන කාල සීමාව තුළ සැකකරුට එරෙහිව පවතින විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා අධිකරණයට පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ විරෝධතාවයක් තිබේද නැද්ද යන්න සලකා බලා නියෝගය ලබා දෙන ලෙසයි.
ඒ අනුව නඩුව ලබන 14 යළි කැඳවිමට නියෝග කළා.
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

Latest News
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026