මීගමුව බන්ධනාගර ගැටුමෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරින් 08 දෙනාට වහාම ක්‍රියාත්මකවන පරිදි උසස් වීම් සහ වන්දි ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක පවසනවා.
ඒ අනුව රාජකාරියේදී දිවි අහිමු වූ බන්ධනාගාර ජේලර්වරයෙකු වන S.H. චන්ද්‍රවංශ දෙවැනි පන්තියේ සිට පළමු පන්තියට උසස් කර තිබෙනවා.
අදාළ ගැටුමෙන් දිවි අහිමිවූ බන්ධනාගාර නියාමකවරුන් වන S.D.අබේවර්ධන, B.N. තරංග, A.D තරංග, D.W. පුෂ්පකුමාර, R.R.සංජීව, T.R. තිලකසිරි සහ MG උපාලි යන නිලධාරීන් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.
මෙම උසස් වීම් එම නිලධාරීන් මියගිය දිනයේ සිට ක්‍රියාත්මක අතර එම නිලධාරීන්ගේ සමීපතම ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් මේ වන විට ලක්ෂ 05ක වන්දි මුදලක් අධිකරණ අමාත්‍යාංශය ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, ගෙවුණු දින කිහිපයේම මීගමුව බන්ධනාගරයේ රඳවා සිටි රැඳවියන් වෙනත් බන්ධනාගර වෙතට මාරු කර යැවුණු අතර රැඳවියන් 600ක පමණ පිරිසක් තවදුරටත් එහි රඳවා ඇති බවත් ඔවුන් කඩිනමින් වෙනත් බන්ධනාගාර වෙත යොමු කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා
මේ අතර, බන්ධනාගර ගැටුමෙන් දිවි අහිමි වූ තවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, මීගමුව බන්ධනාගාර ගැටුමෙන් අවාසනාවන්ත ලෙස මිය ගිය බන්ධනාගාර නිලධාරි T.R. තිලකසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මැදවච්චිය, පිහිඹිගොල්ලෑව, අඹගහවැව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර බන්ධනාගාර නිලධාරි B.N. ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බලන්ගොඩ පහල් වන්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මෙන්ම මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරි M.G උපාලි ගේ දේහය අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර අනතුරුව දේහය ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමෙන් රැදවියන් 14 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
තවත් 9 දෙනෙකු පහරදීම්වලින් මියගොස් ඇති බවටයි එමගින් හෙළි වී ඇත්තේ.
ජීවිතක්ෂයට පත්වූ 24 දෙනෙකුගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීම ඊයේ අවසන් කෙරුණා.
එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.
එමෙන්ම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් බන්ධනාගාර නිලධාරීන්ට අදාළව සිදුකරන ලද මරණ පරික්ෂණ වලින් හෙළිව ඇත්තේ එම නිලධාරීන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවටයි.
මේ අතර මෙම සිද්ධියට අදාළව දැනට මීගමුව මුලස්ථාන පොලිසිය මගින් සිදුකරන සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා ඊයේ පොලිසියට නියෝග කළා.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවා දීමේ සිද්ධියක් මුල් කරගනිමින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් 29 දෙනෙකුට දිවි අහිමි වුණා.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් සහ රැඳවියන් 21ක් වනවා.

Latest News
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026