International11 July 2026

ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉන්ධන අවහිර කිරීම් මධ්‍යයේ, සතියකටත් අඩු කාලයක් ඇතුළත කියුබාව පුරා දෙවන වරටත් විදුලිය බිඳවැටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විදුලිබල පද්ධතිය භාර රාජ්‍ය ආයතනය වන 'Union Electrica de Cuba' ඊයේ (10) ප්‍රකාශ කර ඇත්තේ, එරට වේලාවෙන් පස්වරු 4:30ට මෙම විදුලි බිඳවැටීම ආරම්භ වූ බවයි.

කෙසේ වෙතත්, විදුලිය විසන්ධි වීමට හේතුවක් මෙතෙක් දක්වා නොමැත.

නමුත් පසුගිය සඳුදා සිදු වූ මෙවැනිම විදුලි බිඳවැටීමකින් පසුව මෙය සිදු වූ අතර, ඒ අනුව වසර ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා සිදුවූ සමස්ත විදුලි බිඳවැටීම් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනෙක් සම්පූර්ණ විදුලි බිඳවැටීම් දෙක මාර්තු මාසයේදී සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කියුබාවේ විදුලි පහසුකම් පද්ධති දිනෙන් දින දිරාපත් වෙමින් පවතින බැවින් විදුලිය විසන්ධි වීම් එහි අසාමාන්‍ය දෙයක් නොවන බවත්, පද්ධතියෙන් වැඩි ප්‍රමාණයක් 1960 සහ 1980 අතර සමයට අයත් ඒවා බවත්, සඳහන්.

නමුත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට ලැබෙන විදේශීය තෙල් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමත් සමග, ජනවාරි මාසයේ සිට මෙම ගැටලුව තවත් උග්‍ර වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes