General11 July 2026

සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව, උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයදුම්පත් 92,043 ක් යොමුකර තිබෙනවා.

එම අයදුම්පත් සලකා බලා මෙවර විශ්වවිද්‍යාලවලට 42,937ක් ඇතුළත් කර ගැනීමට නියමිතයි.

නව උපාධි පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර සැප්තැම්බර් මස සිට ඒ ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

2025 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes